
වර්තමාන රජය ඉන්දියාව සමග එළඹ ඇති ආරක්ෂක ගිවිසුම හැකි නම් පාර්ලිමේන්තුවේ සභාගත කරන්නැයි තමන් අභියෝග කරන බව සර්වජන බලය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී දිලිත් ජයවීර මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ අවිස්සාල්ල ප්රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
“රජය පසුගිය දවස්වල මෝදි එක්ක අත්සන් කරලා තියෙනවා ගිවිසුම් 7ක්. හැබැයි ගිවිසුම් ගැන විජිත හේරත් පාර්ලිමේන්තුවේදී දිර්ඝ ප්රකාශයක් කලා. හැබැයි ගිවිසුමේ අන්තර්ගතය ගැන මුකුත්ම කියන්නේ නෑ. ඕනේ නම් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් කරන්නලු. මේ කොහෙදිද කියන්නේ පාර්ලිමේන්තුවේ දී,” යැයි ජයවීර මහතා පැවසීය.
“දැන් මෙන්න මේ තත්ත්වයට පත්වෙලා තියෙනවා රජය. බරපතල විදියට කණගාටු වෙනවා. කිසිම රජයක් මේ විදියට කරලා නෑ.”
“යම් රාජ්යතාන්ත්රික හේතුවක් නිසා මේ ගිවිසුමේ අන්තර්ගතය හෙළි කරන්න බැරි නම්, කෂේරුකාවක් තියාගෙන රජයට පුළුවන්කමක් තියෙන්න ඕනේ ‘ඔව් අපි අත්සන් කළා, ඒක මේන්න මේ හේතුව නිසා ඉස්සරහට දාන්නේ නෑ’ කියන්න. මේ ගිවිසුම් වල තියෙන අන්තර්ගතය කිසි කෙනෙක් දන්නේ නෑ. දැනගන්න දෙන්නෙත් නෑ,” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.