
කිරිබත්ගොඩ ගාල හන්දිය ප්‍රදේශයේදී පොලීසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇත. අද (11) අලුයම 2:30ට පමණ මෙම වෙඩි තැබීම සිදුවී තිබේ.
පොලීසිය සැක සහිත අයුරින් යතුරුපැදියක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු දුටු අතර, ඔහු පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේදී සැකකරු පලා යාමට උත්සාහ කර ඇත. එම අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුවී තිබේ. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා රාගම ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇත. වාර්තා වන අන්දමට සැකකරු වයස අවුරුදු 29ක, බියගම පදිංචි පුද්ගලයෙකු බව දැනගන්නට ලැබී තිබේ.