ඔබේම ප්‍රජාවන් තුළ ගෞරවය, සාමය සහ සහකම්පනයෙන් යුතුව කටයුතු කරන්න
“පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” සඳහා එක්ව කටයුතු කරන අතරතුර, අලුත් බලාපොරොත්තුවකින් සහ නැවුම් ඉදිරි දැක්මකින් යුතුව අපි අලුත් අවුරුද්ද පිළිගනිමු.
එකමුතුකමෙන් සහ ත්‍යාගශීලි බවින් යුතුව අලුත් අවුරුද්ද සමරන ශ්‍රී ලාංකික සිංහල සහ දෙමළ ජනතාව වෙත මගේ සුබ පැතුම් පිරිනමමි. යනුවෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සිය අලුත් අවුරුදු පණිවිඩයෙහි සඳහන් කර තිබේ .
එමෙන්ම ” නව වසරේ නව පරිච්ඡේදය ආරම්භ කරන මොහොතේ, ඔබේම ප්‍රජාවන් තුළ ගෞරවය, සාමය සහ සහකම්පනයෙන් යුතුව කටයුතු කරන ලෙස මම සෑම පුරවසියෙකුගෙන්ම ඉල්ලා සිටිමි. ඉදිරි වසර තුළ සාර්ථකත්වය සහ ප්‍රගතිය අත්කර ගැනීම සඳහා කැපවීම, විශ්වාසය සහ ඔරොත්තු දීමේ හැකියාව ඇතිව කටයුතු කිරීමට අපි අදිටන් කරගනිමු.”
යනුවෙන්ද , අග්‍රාමාත්‍යවරිය වැඩි දුරටත් සිය අලුත් අවුරුදු පණිවිඩයෙහි කියා තිබේ .
සම්පුර්ණ අලුත් අවුරුදු පණිවිඩය පහතින් කියවන්න
