ඇඟ රත් වෙන හැඩක් – අවධානයෙන්

2

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද නිවේදනයට අනුව අද (13) දිනයේදී මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැක . එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.

වඩාත් සැලකිලිමත් විය යුත්තේ , දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපෑ හැකි උණුසුම් කාලගුණය සම්බන්ධව යැයි , කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා තිබේ .

ඒ අනුව ඇත්තේ උතුරු, උතුරු මැද, නැගෙනහිර, ඌව පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උණුසුම අවධානය යොමුකළ යුතු මට්ටමක තිබිය හැකිය .