කොටහේන ප්‍රදේශයේ පොලිස් වෙඩි තැබීමක්

101

සැක සහිත මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදි, අදාළ මෝටර් රථය අණ නොතකා පලා ගොස් ඇති අතර, ඒ අනුව මට්ටක්කුලිය පොලීසිය විසින් එම මෝටර් රථයට වෙඩි තබා තිබේ.

රියදුරු පලා යාමෙන් පසු, මෝටර් රථය පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.