පොලිස් නිලධාරීන්ට මුදල් තෑගි..

8

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් හා කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති උජිත් ලියනගේ මහතාගේ සහභාගිත්වයෙන් 2025 අප්‍රේල් මස 11 වන අද දින උදෑසන කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්‌යාලයීය ශ්‍රවණාගාරයේදී කොළඹ උතුර, කොළඹ මධ්‍යම සහ කොළඹ දකුණ යන කොට්ඨාසයන්හි අපරාධ විසඳීම සඳහා සුවිශේෂී දායකත්වයක් දක්වන ලද නිලධාරීන් වෙනුවෙන් ත්‍යාග මුදල් පිරිනැමීමේ උත්සවයක් පවත්වන ලදී.

පොලිස්පති ත්‍යාග අරමුදලෙන් රුපියල් 19,500,000/= ක මුදලක් කොළඹ උතුර, කොළඹ මධ්යම සහ කොළඹ දකුණ යන කොට්ඨාසයන්හි පොලිස් ස්ථාන 27 කට අනුයුක්තව රාජකාරි කරනු ලබන නිලධරයන් වෙනුවෙන් වෙන් කර ඇති අතර, 2025.04.11 වන අද දින නිලධරයින් 74 දෙනෙකු සඳහා සංකේතාත්මකව ත්‍යාග මුදල් පිරිනමන ලදි.

පරීක්ෂක ශ්‍රේණියේ නිලධරයන්, පොලිස් සැරයන්, කාන්තා පොලිස් සැරයන්, පොලිස් කොස්තාපල්වරුන්, පොලිස් කොස්තාපල්වරියන්, පොලිස් සැරයන් රියදුරු සහ පොලිස් කොස්තාපල් රියදුරු නිලධාරීන් මෙම ත්‍යාග මුදල් සඳහා සුදුසුකම් ලබා ඇත.

කොළඹ මධ්‍යම කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුගත් ගලගමගේ මහතා, කොළඹ උතුර කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික සමරපාල මහතා, කොළඹ දකුණ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලූෂන් සුරිය බණ්ඩාර මහතා ඇතුළු පොලිස් නිලධාරීන් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගී විය.