එළවලු මිල ශීඝ්‍රයෙන් ඉහළට

3

සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීම හමුවේ දේශීය වෙළෙඳපොළේ උඩරට සහ පහතරට එළවලු මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව හැටන් ප්‍රදේශයේ එළවලු තොග සහ සිල්ලර වෙළෙදුන් පවසනවා.

ඒ අනුව, බෝංචි කිලෝවක් රු.600-700, බටු කිලෝවක් රු.600, කැරට් කිලෝවක් රු.400, නුවරඑලිය අල කිලෝවක් රු.600, තක්කාලි කිලෝවක් රු.800 ක් සහ අනෙකුත් සෑම එළවලුවක්ම රු.400ත් 500ත් අතර සිල්ලර මිලකට අලෙවි වන බවයි එම වෙ‍ළෙදුන් කියා සිටියේ.

එමෙන්ම පොල් මිල රු.180 සිට රු.220 දක්වා වූ සිල්ලර මිලකට අලෙවි වන අතර, ඇඹුල් සහ සීනි යන කෙසෙල් කිලෝවක මිල රු.160කට අලෙවි කරනු ලබනවා.

පසුගිය දින කිහිපය තුළ පැවති අධික වර්ෂාපතයත් එළවලු මිල ඉහළ යාමට හේතුවක් වූ බවයි වෙළෙදුන් කියා සිටියේ.