සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව සඳහා විශේෂ දුම්රිය සේවා අද (11) සිට ආරම්භවීමට නියමිතය . ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසන ආකාරයට ඒ සඳහා විශේෂ දුම්රිය 10ක් ධාවනයට එක්කිරීමට කටයුතු යොදා තිබේ . ඒ අනුව, අද රාත්‍රී 7:30ට කොළඹ කොටුව සිට බදුල්ල දක්වා විශේෂ දුම්රියක් ධාවනය වන අතර, ඒ සමගම බදුල්ලේ සිට කොළඹ කොටුව බලා තවත් දුම්රියක් පැමිණීමට නියමිතය.
එමෙන්ම අද රාත්‍රී 7:20ට කොළඹ කොටුව සිට ගාල්ල දක්වා විශේෂ දුම්රියක් ධාවනය කෙරෙන අතර, ඒ සමගාමීව ගාල්ලේ සිට කොළඹ කොටුව බලා තවත් දුම්රියක් පැමිණීමට සැලසුම් කර ඇත.
අද පෙරවරුවේ කොළඹ කොටුව සිට කන්කසන්තුරය දක්වා දුම්රියක් ධාවනය වූ අතර, එය නැවත 18 වැනිදා ආපසු පැමිණීමට නියමිතය.
දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ, මෙම විශේෂ දුම්රිය 10 භාවිතයෙන් අවුරුදු සමයේ සහ දීර්ඝ සතිඅන්ත නිවාඩු කාලය තුළ ගමන්වාර 31ක් ධාවනය කරන බවයි.