කාන්තා තුන් කොන් ක්‍රිකට් තරඟාවලියක්

3

ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව සහභාගී වන කාන්තා තුන්කොන් එක්දින තරඟාවලියක් අප්‍රේල් 27 සිට මැයි 11 දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ .
මෙම තුන්කොන් ක්‍රිකට් තරගාවලිය මහජනතාවට නොමිලේ නැරඹීමට අවස්ථාව හිමිවේ .
තරඟාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගයකිනි
සෑම කණ්ඩායමක්ම තරඟ හතරක් ක්‍රීඩා කිරීමට නියමිත අතර, අවසන් වටයට පැමිණෙන කණ්ඩායම් දෙක 2025 මැයි 11 වන දින අවසන් මහා තරඟයට ක්‍රීඩා කිරීමට සුදුසුකම් ලබයි.